Monday, May 06, 2024
Follow Us
බැරි දේවල් කරන්න ගිහින් තමයි මෙහෙම වෙලා තියෙන්නෙ, මහින්දානන්දට ගොවිතැන ගැන අවබෝධයක් නෑ

කෘෂිකර්මාන්තය ගැන කිසිදු අවබෝධයක් කෘෂිකර්ම ඇමතිවරයාට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොහොර සම්බන්ධයෙන් මතුව ඇති වත්මන් අර්බුදයට ඇමතිවරයා පමණක් නොව සමස්ත ආණ්ඩුව වගකිව යුතු නමුත් මතුව ඇති තත්වය සම්බන්ධයෙන් මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයා මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු තිබූ බවද ජයසේකර මහතා පවසයි.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය පියවරෙන් පියවර සිදු කළයුතු බවත්, එකවර රසායනික පොහොර තහනම් කර කාබනික ගොවිතැනට ගොවියා හුරු කළ නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

මේ වනවිට රටපුරා වී ගොවීන්, එළවලු ගොවීන් අපනයන භෝග වගාකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ මේ නිසා ග්‍රාමීය ජනතාවට මුහුණදීගත නොහැකි තත්වයට ඇමතිවරුන්ද පත්ව ඇති බවයි.

වහාම මෙම තත්වය වෙනස් වියයුතු බවත්, නැවත රසායනික පොහොර භාවිතය සඳහා අවසර ලබා දී ක්‍රමානුකූලව කාබනික ගොවිතැන ප්‍රචලිත කළයුතු බවත් ඔහු අවධාරණය කරනවා.

(LNW)