Monday, July 07, 2025
Follow Us
ජනපතිගේ ප්‍රකාශය හොඳයි. ඒ අනුව 20 අහෝසි කර යළිත් 19 යටතේ ආණ්ඩුව ගෙනියන්න - රනිල්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටම පවා පිළිගැනීමට සිදුව ඇති හෙයින් එය අහෝසි කර යළිත් 19 වැනි සංශෝධනය යටතේ සාම්ප්‍රදායික කැබිනට් පාලනයකට යායුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"අද පුවත්පත් වල වැදගත් කාරණයක් වාර්තා වෙලා තියෙනවා. ඇමතිවරුන් මුණගැහුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා පිළිගත්තා එතුමාට දේශපාලන පළපුරුදු සීමාසහිතයි, ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ලා ඒ පළපුරුදු තියෙන අනිත් කැබිනට් ඇමතිවරු ඔක්කොම එකතුවෙලා සාමූහිකව වැඩකටයුතු කරගෙන යමුයි කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියෙනවා 20 වැනි සංශෝධනය අසාර්ථකයි කියලා.

ඒ සංශෝධනය නිසා අපට කැබිනට් ආණ්ඩුක්‍රමය නැතිවුණා. ආර්ථිකයටත් කොවිඩ් වලටත් ආණ්ඩුව ඇතුළෙ ආණ්ඩුවක් තිබුණා. හාල් මිල සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකක්ද ඒකෙ ප්‍රතිඵලය ? ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැතිවුණා.

එහෙනම් මේ ක්‍රමයේ ප්‍රතිඵලයක් ලැබිලා නෑ. එනිසා ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සම්ප්‍රදායික කැබිනට් පාලනයකට යන එක හොඳයි. ඒකට කරන්න තියෙන්නෙ 20 වැනි සංශෝධනය අහෝසි කරලා 19 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙනියන්න"

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

(LNW)