Monday, July 07, 2025
Follow Us
මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් වාර්ෂික විගණනයට ලක් කරන්නැයි ඉල්ලීමක්

මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කර ඒවා වාර්ෂිකව විගණනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වර්තමානයේ මතුව ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.

එමෙන්ම මහජන දේපළ මංකොල්ලය නතර කිරීම සඳහා වත්කම් බැරකම් නීතිය සමාලෝචනය කළ යුතු බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඊට අවශ්‍ය නීති පද්ධතිය සකස් කිරීමද සිදු කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මහජන නියෝජිතයින් සිය නිල බලය තුළ අත්සන් කරනු ලබන ජාත්‍යන්තර සහ දේශීය ගිවිසුම් විනිවිද භාවයකින් සිදුවිය යුතු ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේ.

(Neth)