සමගි ජනබලවේගය කිසිදු තනි පුද්ගලයෙකුට අයිති නොමැති බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
එම පක්‍ෂයේ අයිතිය තමන් සතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ඊයේ උදෑසන නෙත් නිවුස් ප්‍රවෘත්ති ප්‍රකාශයේ රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව ප්‍රකාශ කළා.
සමගි ජනබලවේගයේ නායක ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් ලෙස තමන්ද අදාළ ආයතන විසින් පිළිගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
Neth News · MADDUMA BANDARA 02
20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කිරීමට ආණ්ඩු පක්‍ෂයට පක්‍ෂව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළා.
පක්‍ෂ තීරණයෙන් බැහැරව එලෙස ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇය පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමටයි ඉකුත්දා පැවති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළේ.
ඒ පිළිබද මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන් බවද සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර වැඩිදුරටත් සදහන් කළා.
(Neth)