Monday, July 07, 2025
Follow Us
පළාත් සභා ඡන්දය පවත්වනවාද?

පළාත් සභා මැතිවරණය ගැන නීතිපති මතය දිනේෂ් කියයි


නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි යන්න නීතිපති මතය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රිතිවල ප්‍රතිසංස්කරණ හඳුගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සහාපතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එහි සාමාජිකයින් වෙත එම දැනුම්දීම සිදුකර තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයින් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට බාධාව එම නීතිමය තත්ත්වය බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කාරක සභා සාමාජිකයින්ට පෙන්වා දී තිබේ.

පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් දැනට පවතින පනත අහෝසි කළ ද නව පනතක් සම්මත කර නොගෙන කුමන ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇත.

(Aruna)