Sunday, July 06, 2025
Follow Us
2019 පොඩ්ඩක් ලිස්සුවා. ඒ වුණාට ආයේ ලිස්සන්නේ නෑ… සජිත් මහ වරුසාවට තෙමෙමින් කියයි

ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස ලුණුගම්වෙහෙර වම්ඉවුර ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී පැවැති අධික වර්ෂාව මධ්‍යයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැස්සට තෙමෙමින් මෙම අදහස් ප්‍රකාශ කළේය.

ගොවියන්ගේ අස්වැන්නට නිසි වෙළෙඳපොළක් නොමැතිවීම,පොහොර සහ බීජ හිඟය, අස්වැන්න කල් තබාගැනීමේ ක්‍රමවේදයන්හි පවතින ගැටලු, මුං ඇට වගාව සඳහා දළඹුවන්ගෙන් වන හානි වැනි ගැටලු පිළිබඳව එහිදී අවධානය යොමුවී තිබේ.

අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන් පිටව යන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමතමින් එහි සිටි පුද්ගලයෙකු සඳහන් කළේ, “සජිත් මහත්තයා මෙතන ලිස්සනවා. බලාගෙන,” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, “2019 පොඩ්ඩක් ලිස්සුවා. ඒ වුණාට ආයේ ලිස්සන්නේ නෑ,”යනුවෙනි.

(Lanka Leads)