Sunday, July 06, 2025
Follow Us
අපි සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරනවා. එකඟ අය ඉඳියි, විරුද්ධ අය යයි - දයාසිරිට පොහොට්ටුවෙන් පිළිතුරු

වත්මන් රජය බිහිකිරීම සඳහා ජනවරම ලබාගැනීමේදී ජනතාවට දුන් පොරොන්දුව ප්‍රකාරව තමන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන බවත් ඊට එකඟ අය ආණ්ඩුව සමග දිගටම සිටිනු ඇති අතර ඊට එරෙහි යමෙක් සිටී නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්ව යනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රශ්නය - දැන් ඔබතුමන්ලා ඉදිරියට යනවා නම් එක කණ්ඩායමක් විදියට යන්න ඕනෙ. නමුත් අපි අද දැක්කා පත්තරේ තියෙනවා දයාසිරි ජයසේකර ඇමතිවරයා කියනවා ඔවුන් සන්ධානයක් විදියට යනවා කියලා ?

''මේ ආණ්ඩුව පිහිටුවන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒකෙදි අපි ඔවුන්ට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව තමයි ලිඛිත පොරොන්දුවක් දුන්නෙ සෞභාග්‍යයේ දැක්ම කියලා. ඒ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි අපි කටයුතු කරනවා. ඒ කටයුතු කිරීමේදී අපිත් එක්ක එකඟවෙන්න පුළුවන් අය ඉඳියි ඒ ගමනෙ. ඉතිං එහෙම අපි ඒක ක්‍රියාත්මක කරනවාට විරුද්ධ කෙනෙක් ඉන්නවා නම් ඔවුන් යාවි'''

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (03) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN