සහල් මිල සම්බන්ධයෙන් උද්ගතවී ඇති ප්‍රශ්නයට වගකිව යුතු වන්නේ එක්සත් ජාතික පක්ෂය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
''ඩඩ්ලිට විතරක් නෙවෙයි මේ ව්‍යාපාරිකයින්ට රජය යටවෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ තිබිච්ච වැඩපිළිවෙල එදා සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණිය ගෙනගිය වැඩපිළිවෙල විනාශ කරලා රාජ්‍ය ආයතන නැතිකරලා මේක පෞද්ගලික අංශයට දුන්නු එක්සත් ජාතික පක්ෂය තමයි මේකට වගකියන්න ඕනෙ කියන එකයි මගේ අදහස'''
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)