තම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව සමගි ජන බලවේගය නිර්මාණය කළේ කැඩී බිඳීයන්නට නොවන බවත් තමන් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන අතර ඒ ගැන කිසිවෙකුත් සැකයක් තබාගත යුතු නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය අවධාරණය කරයි.
ප්‍රශ්නය - හතරදෙනෙක්ගෙ ඡායාරූප දාලා '' සජබය පහකට කැඩෙයි'' කියලා අරුණ පුවත්පතේ ප්‍රවෘත්තියක් තිබුණා. ඔබතුමියගේ ඡායාරූපයත් තිබුණා ?
''පහකට කැඩිලා හතරදෙනෙක්ගෙ ඡායාරූපද තිබුණෙ ? පහකට කැඩිලා නම් ඒකෙ ඊළඟ ඡායාරූපයත් දාන්න කියන්න මොකද, උදේ පාන්දර මගේ ස්වාමිපුරුෂයා ඇහුවා ඔයාගෙ පින්තූරෙත් තියෙනවා ඉස්සරහා, මේක පහකට කැඩිලා කියනවා, හතරයි ඉන්නෙ කවුද අනිත් එක්කෙනා කියලා. මං කිව්වා දෙවැනි පිටුවෙ බලන්න කියලා.
පොළව පළාගෙන නාගයෙක් ආපු වෙලාවෙ ඉඳලා, ධම්මික වෙද මහත්තයාගෙ පැණියෙ ඉඳලා මේ මිත්‍යා මත මවලා මේ රටේ ජනතාව පුදුමාකාර විදියට අන්ධකාරයකට පත්කරලා තමන්ගෙ ජයග්‍රහණය තහවුරු කරගන්න ඕනෙ වුණු අය තමයි අද ඔය වගේ දේවල් අලුතින් නිර්මාණය කරන්නට ගන්නෙ. මම බොහොම වගකීමක් ඇතිව කියනවා සමගි ජන බලවේගයේ අපි අපේ පක්ෂය හදාගෙන සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක එළියට ආවෙ කැඩෙන්න නෙවෙයි. අපි අනිවාර්යයෙන්ම අපේ නායකයාගෙ නායකත්වය යටතේ අපි සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ගැන කවුරුත් සැකයක් තියාගන්නත් එපා, පත්තරවල හෙඩ්ලයින් දානකොට මගෙ ලස්සන පින්තූරෙකුත් දාන්න කියලා මම ඉල්ලීමකුත් කරනවා''
තලතා අතුකෝරාළ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (03) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)