ආණ්ඩුවේ අදූරදර්ශී තීරණ හේතුවෙන් වී ගොවියා ඇතුළු සමස්ත ගොවි ජනතාවම අන්ත අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වී වගාව සඳහා අවශ්‍ය පොහොර වෙනුවට වෙනත් භෝග සඳහා භාවිතා කරන පොහොර ලබා දී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී තීරණවලට ගොවි ජනතාවට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.
අගතියට පත් ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවිය යුතු බවත් එසේ වන්දි නොගෙවන්නේ නම් ඔවුන් සමග අධිකරණයට ඉදිරියට ගොස් සාධාරණය ඉටුකර ගන්නා බවද ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන 'ගොවි හදගැස්ම' පළමු පියවර ලෙස අද (03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවිය.
මේ අවස්ථාවේදී විපක්ෂ නායකයා ප්‍රදේශයේ ගොවි ජනතාව සමග ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම පොහොර අර්බුදය හේතුකොටගෙන විශාල වගා බිම් ප්‍රමාණයක අස්වැන්න බොහෝ අඩු වී ඇති බවත්, ගොවීන් විශාල පිරිසක් ගොවිතැනින් ඉවත්ව ඇති බවත් එහිදී අනාවරණය විය.
තමන්ගේ අස්වැන්න අලෙවිකර ගැනීමට පවත්නා ගැටළු පිළිබඳවද ගොවි ජනතාව විපක්ෂ නායකයාගේ අවධානයට යොමු කළ අතර, ඒ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳව ගොවි ජනතාව අදහස් දැක්වූහ.
(LNW)