ඉදිරි අයවැයෙන් ජනතාව පුදුමයට පත් කරවන බවත් ඒ නිසා අයවැය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. අයවැයෙන් පසු කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයද අවසන් කරන බවයි ඇමතිවරයා පවසන්නේ.
දඹුල්ල බස් නැවතුම්පල ඉදිරිපිට අලුතින් ඉදිකළ දෙමහල් වෙළඳ සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්වය අවසන්ව නොමැති නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇති බවත්, ඒ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවත් සැළකිය යුතු කාලයකින් කල්දැමීමට සිදුවන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
මාධ්‍යවේදීන් සිදුකළ විමසීමට පිළිතුරු දෙමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ජනතාව තෘප්තිමක් කළ හැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවයි. රාජ්‍ය සේවකයන්ට තම පවුල් තුළින්ම ජනතාව කෙරේ විස්වාසය දනවන වැඩ කිරීමේ හැකියාව ලැබිය යුතු බවද ඔහු සඳහන් කරනවා.
(LNW)