Sunday, July 06, 2025
Follow Us
කුමන්ත්‍රණකාරයො ඉන්නෙ ආණ්ඩුව ඇතුළෙමයි ඒ අය ගැන ලඟදිම තීන්දුවක් ගන්න ඕන - රොෂාන් රණසිංහ

ආණ්ඩුව ගෙනයන ජනතාවදී පාලනය කඩාකප්පල් කරන කුමන්ත්‍රණකාරයන් සිටින්නේ ආණ්ඩුව තුළම බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ආණ්ඩුව තුළ සිටිමින්ම ඔවුන් ආණ්ඩුව විවේචනය කරන බව පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ එය කිසිසේත්ම සුදුසු තත්වයක් නොවන බවයි.

ආණ්ඩුව කටයුතු කරන්නේ ජනතාව ලබාදුන් තුනෙන් දෙකේ ජනවරමට අනුව බවත්, එම කටයුතු කඩාකප්පල් කිරීමට ආණ්ඩුව නියෝජනය කරන කිසිවෙකුටත් නොහැකි බවත් රණසිංහ මහතා පවසනවා. ඇතැම් කැබිනට් ඇමතිවරුන් පවා කැබිනට් මණ්ඩලයේදී ගන්නා තීරණය ඉන් පිටතට පැමිණ විවේචනය කරන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීරණයක් ගතයුතු බවත්, තවදුරටත් මෙම කුමන්ත්‍රණකාරයන් ආණ්ඩුව තුළ සිටියහොත් එය ආණ්ඩුවේ ගමනට දැඩි බාධාවක් බවත් ඇමතිවරයා අවධාරණය කරනවා.

(LNW)