Sunday, July 06, 2025
Follow Us
ජනතා අවශ්‍යතා වෙනුවෙන් තව ගැසට් 10 ක් උනත් ගහනවා - පොහොට්ටු ලේකම්

සහල් මිල පාලනයකින් තොරව ක්‍රියාත්මක වන බව තේරුම් ගියහොත් මිල පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ජනතාවට අවශ්‍ය හොඳම දේ ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බවත්, ඒ පිළිබඳව ජනතාව සැකයක් තබාගත යුතු නැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

රටේ ජනතාවගේ බඩගින්න නිවා දැමීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය පසුබට නොවන බව පෙන්වා දෙන ලේකම්වරයා පවසන්නේ ඒ වෙනුවෙන් තවත් ගැසට් 10 ක් වුවද නිකුත් කරන බවයි.

ඉදිරි අයවැයෙන් පසු රට සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව යෝජනා අදහස් ලබා ගැනීම සඳහා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්, පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගි වන අතරතුර මාධ්‍ය අමතමින් සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

මෝල් හිමියන් විසින් සහල් මිල තීරණය කිරීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පසුගිය රජය මගින් සහල් ව්‍යාපාරිකයන් දැවැන්ත ලෙස පෝෂණය කිරීම හේතුවෙන් එවැනි තත්වයක් ඇති වූ බවයි.

(LNW)