Sunday, July 06, 2025
Follow Us
ඇමති බන්දුල කලකිරීමෙන් - දේශපාලනයෙන් සමුගැනීමටත් සූදානමින්

දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් සාධාරණයක් ඉටු නොවුනහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයි.

තමාට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් කිසිදු අදහසක් පළ නොකර නිහඬව සිටින බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවා.

සහල් මිල සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම අදහස් පළකළ අමාත්‍යවරයා සහල් මිල වැඩිවීමත් සමඟ එක්වරම නිහඬ වූයේ මන්දැයි නෙත් නිවුස් ඔහුගෙන් විමසුවා.

(Neth)