සහල් මිල තීරණය කිරීම සඳහා සහල් මෝල් හිමියන්ට ඉඩ ලබාදිය නොහැකි බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. නාඩු සහල් මිල රුපියල් 100 දක්වා අඩු කරන බවත්, ඒ සඳහා තවත් සතියක කාලයක් ලබාදෙන ලෙසත් ඇමතිවරයා සඳහන් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
නාඩු රුපියල් 100 දක්වා අඩු කරන බවත්, ඉන්පසු රුපියල් 112 ට නාඩු සහල් විකුණන බව පවසන මෝල් හිමියන්ට සිදුවන්නේ කුමක්දැයි සියලු දෙනාටම බලාගත හැකි බවත් වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා.
කිරිපිටි හිගය සම්බන්ධයෙන් ඇමතිවරයා පවසන්නේ මිල ඉහළ දමා පාරිභෝගිකයා අමාරුවේ දැමීමට ආණ්ඩුවට නොහැකි බවයි. කිරිපිටි ආනයනකරුවන් රුපියල් 400 ක මිල ඉහළ දැමීමක් ඉල්ලා ඇති බවත්, මේ නිසා කිරිපිටි වෙළඳපොලට නිකුත් කිරීම නිෂ්පාදකයන් විසින් අත්හිටුවා ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ කිසිදු හේතුවක් මත එවැනි ප්‍රමාණයකින් මිල ඉහළ දැමීමට එකඟ විය නොහැකි බවයි.
(LNW)