Sunday, July 06, 2025
Follow Us
ප්‍රහාර කතාවට ඥානසාර හිමි කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නේ නෑ - මහජන ආරක්ෂක අමාත්‍යාංශය

ඕනෑම මොහොතක රට තුළ අන්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව කැඳවා ප්‍රකාශයක් සටහන් කරනොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ කිසිසේත්ම ඥානසාර හිමියන්ව පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර නොගන්නා නමුත් අනිවාර්යයෙන්ම බුද්ධි අංශ විසින් උන්වහන්සේගෙන් වැඩිදුර තොරතුරු ලබාගනු ඇති බවය.

එසේ බුද්ධි අංශ විසින් උන්වහන්සේගෙන් ලබාගන්නා තොරතුරු අනුව තර්ජනයක් ඇත්නම් පමණක් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත.

මෙම අතිශය බරපතළ ප්‍රකාශය පිළිබඳව ඥානසාර හිමිගෙන් ප්‍රශ්න කරන ලෙස කතෝලික සභාව ඇතුළු පාර්ශ්ව ගණනාවක් රජයෙන් ඉල්ලීම් කර තිබිණි.

(LNW)