Monday, July 07, 2025
Follow Us
මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගැන අධිකරණයෙන් දුන් තීරණය

16 හැවිරිදි දැරියක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියයාමේ සිද්ධියේ පස්වන සැකකරු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් ඔක්තෝම්බර් 14 වනදා තෙක් තවදුරටත් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් නොකිරීම, හිටපු අමාත්‍යවරයාගේ පෙර ක්‍රියාකලාපය සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඔහු වෙනුවෙන් ගොනු කර තිබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන අයේෂා සිහබ්දීන් සහ ඔහුගේ මස්සිනා මේ වන විට ඇප මත මුදා හැර ඇත.
මෙම අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන් බව කියන චෝදනා සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නම් කෙරුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී මියගිය 16 හැවිරිදි දැරියගේ දේහය නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා ගොඩ ගැනීමට ජූලි 26 දා අධිකරණය නියෝගයක් නිකුත් කළා.

(Neth)