Monday, July 07, 2025
Follow Us
ඩඩ්ලිලා දණගස්වන හැටි අපි දන්නවා, ඒක ඉස්සරහට බලාගන්න පුලුවන් - ජොන්ස්ටන්

ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සහල් මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම ඉතා හොඳ දෙයක් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. සහල් මාෆියාකරුවන් කවුරුන්දැයි දැන් රටම දන්නා බව ඇමතිවරයා සඳහන් කරනවා.

සහල් මාෆියාකරුවන් කවුරුන්දැයි පසුගිය කාලයේදී ආණ්ඩුව පෙන්වා දුන් බවත්, මාෆියාකරුවන්ම මාධ්‍ය ඉදිරියට පැමිණ ඒ බව රටට තහවුරු කළ බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඩඩ්ලි සිරිසේනලා මාධ්‍ය හමු පැවැත්වූ පමණින් ඇමතිවරුන් දණගැස්වීමට නොහැකි බවත්, සහල් මාෆියාකරුවන් දණගස්සන්නේ කෙසේදැයි ආණ්ඩුව දන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. ඔවුන් ආණ්ඩුව ඉදිරියේ දණගසන ආකාරය ඉදිරියේදී රටටම දැකගත හැකි වනු ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.