Monday, July 07, 2025
Follow Us
ජනතාවට විතරක් නෙවෙයි දේශපාලනඥයන්ට මාධ්‍යවේදීන්ටත් කට වහගෙන තමයි ඉන්න වෙන්නෙ - සජිත්

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම්වල ඉලක්කය වී තිබෙන්නේ දත්ත මකා දැමීමට වගකිව යුතු පුද්ගලයන් නොව ඒ පිළිබඳව තොරතුරු හෙලිදරව් කරන දේශපාලනඥයන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට දූෂණ වංචා හෙලිදරව් කරන දේශපාලනඥයන් පමණක් නොව මාධ්‍යවේදීන්ද දඩයම් කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, ඇතැම් පුවත්පත් කතුවරුන් පවා ප්‍රශ්න කිරීමට උත්සාහ දරන බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට ජනතාවට පමණක් නොව දේශපාලනඥයන්ට සහ මාධ්‍යවේදීන්ට පවා කට වසාගෙන සිටීමට සිදුවන තත්වයක් උද්ගත වෙමින් තිබෙන බවත්, එවැනි තත්ත්වයක් උද්ගතවීමට සමගි ජන බලවේගය ඉඩ නොතබන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

(LNW)