යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන්ට ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර පහකට ඇමරිකානු සමාගමකට හිමිවීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
"මේ අපට ප්‍රශ්නය තියෙන්නෙ යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම නෙවෙයි. ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර පහකට ඇමරිකානු සමාගමකට හිමිවීම - ඒක බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් - ඒ වගේම බලශක්ති අමාත්‍යවරයා විදියට බලශක්ති අමාත්‍යාංශය විදියට අපට ප්‍රශ්නයක් තියෙනවා විතරක් නෙවෙයි ගිවිසුම් වලට එළඹීම පිළිබඳ කිසිම කමිටුවක අපෙ අමාත්‍යාංශයේ නියෝජිතයො හිටියේ නෑ. ඉතිං අපි අමාත්‍යාංශය පැත්තෙන් විෂය දන්න අය විදියට මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ලබාදීලා තියෙනවා, තව නිරීක්ෂණයක් ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා.
මම හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න මගේ හෘදසාක්ෂියට එකඟ නැති කිසිදෙයක් කරන්නෙ නෑ. ඒක නිසා මම කවදාවත් හැංගිලා නෑ. කෙතරම් දේශපාලනිකව පාඩු වුණත් මං ඒ දේ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉන්දියාවෙ කියමනක් තියෙනවා 'දේශපාලකයා ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන තීන්දු ගන්නා අතර රාජ්‍යතාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ගැන සිතා තීන්දු ගනී' කියලා. මම කැමතියි ඡන්ද පැරදුණත් දේශපාලකයෙක් වෙනවා වෙනුවට රාජ්‍යතාන්ත්‍රිකයෙක් වෙන්න"
ප්‍රශ්නය - විපක්ෂය කතා කරන කාරණා අද ඔබතුමන්ලා ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙනම කතා කරනවා, හැබැයි මේක දිගින් දිගටම සිද්ධ වෙනවා ?
"මම ලස්සන කතාවක් කියන්නම්. ආණ්ඩුව ඇතුළෙ අපි හැසිරෙන්නෙ ගෙදර ඉන්න බල්ලා වගේ. ගෙදරට අනතුරක් වෙන්න යනකොට තමයි බල්ලා බුරන්නෙ. එතකොට බල්ලා බුරද්දී බුරන දිසාව බලලා අනතුර හඳුනාගන්නවා වෙනුවට බල්ලාව පන්නලා දැම්මොත් ගෙදර කට්ටියගෙ අවසානෙ තමා සිද්ධ වෙන්නෙ. ඒ නිසා මම හිතන්නෙ අපි රටට ආදරේ නිසා, ආණ්ඩුවට ආදරේ නිසා ආණ්ඩුවෙන් වරදක් වෙන්න යනකොට අපි හඬනගනවා"
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (29) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)