Monday, July 07, 2025
Follow Us
මහින්දානන්ද කිව්වා හාල් ඇටයක් පිටරටින් ගේන්නෑ කියලා. දැන් ආණ්ඩුවේ රෙදි ගැලවිලා තියෙන්නෙ - මරික්කාර්

බඩුමිල පාලනය කිරීම සඳහා යැයි කියමින් හදිසි නීතිය පැනවූ නමුත් ඒ ඔස්සේ රටේ ප්‍රධානම ආහාරය වන සහල් මිල පාලනය කරගැනීමට හැකියාවක් ආණ්ඩුවට නොලැබුණු නිසා දැන් හදිසි නීතිය අහෝසි කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

"දැන් මහින්දානන්ද මහත්තයා ඇවිල්ලා කිව්වා මම කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකල් එක හාල් ඇටයක් පිටරටින් ගේන්නෑ මං ඇමතිකමෙන් අයින් වෙනවා කියලා. මේගොල්ලන්ට දැන් ගැසට් එකත් රිවස් කරන්න සිද්ධ වුණා පෙරේදා හැන්දෑවෙ. දැන් හදිසි නීතිය ගෙනල්ලාත් මේ සොච්චම් මුදලාලිලා කීපදෙනෙක්ව පාලනය කරගන්න බෑ. තමන්ගෙ ගජමිතුරොනෙ ඉතිං ...

දැන් අපි අහනවා එහෙනම් හදිසි නීතිය තියාගෙන යන එකේ වැඩක් නෑ. දැන් යුරෝපා පාර්ලිමේන්තුවෙනුත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන වෙලාවෙ, ජීඑස්පී ප්ලස් නැතිවීමේ අභියෝගයක් ඇවිල්ලා තියෙන වෙලාවෙ එහෙනම් දැන් හාල් ගැසට් එක රිවස් කළා වගේ හදිසි නීතිය අයින් කරන්න.

මේ ආණ්ඩුවෙ රෙදි ගැලවිලා දැන් යට ඇඳුම විතරයි තියෙන්නෙ"

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (29) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)