Monday, July 07, 2025
Follow Us
ඇමති විමලවීර පොහොට්ටුවේම මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් යකා නටයි

2022 අයවැය සඳහා යෝජනා ලබාගැනීමට "ගමට අයවැය" නමින් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීම් මාලාවේ දෙහිඅත්තකණ්ඩිය රැස්වීම ඊයේ (26) දෙහිඅත්තකණ්ඩිය නාගරික උද්‍යානයේදී පැවැත්වුණු අතර රැස්වීමෙන් අනතුරුව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර බහින්බස්වීමක් ඇතිවිය.

පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් තමන්ට සිදුවන අසාධාරකම් පිළිබඳව දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදී "උඹලා කෙළිහිගුණ දන්නෙ නැති ගුණමකුවෝ" යනාදී වශයෙන් අමාත්‍යවරයා ඔවුන්ට බැන වැදුණි. සාකච්ඡාව දිගට සිදුවන අතරතුර දැඩි කෝපයට පත් ඒ මහතා අසභ්‍ය වචනයෙන් ද බැනවදිමින් කෑගසන ආකාරයක් ද දක්නට ලැබිණි.

(LNW)