Monday, July 07, 2025
Follow Us
ලොක්ඩවුන් රෙගුලාසි දීර්ඝ වනු ඇති බවට රනිල්ට සැකයක්

ඩීසල් ආනයනය සඳහා මුදල් ගෙවීමට තිබූ අපහසුතා හේතුවෙන් ආණ්ඩුව ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රමාද වූ බව තමන්ට දැනගන්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මුදල් ගෙවූවද ලබන ඔක්තෝම්බර් පළවනදා වන විට රටට ඩීසල් නොලැබුණොත් යළිත් ලොක්ඩවුන් රෙගුලාසි කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවන බවයි එක්සත් ජාතික පක්ෂ නායකයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ලබන මස මැද දක්වා ලොක්ඩවුන් රෙගුලාසි දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවටද ඔහු අවධාරණය කළා.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

කේසේ වෙතත් ඉදිරි මාස 03 සඳහා ද ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළඳපොලට මුදා හැරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

(Neth)