Monday, July 07, 2025
Follow Us
ජාතික සම්පත් විකුණන රජයේ දේශද්‍රෝහී වැඩපිළිවෙලට එරෙහිව මහපාරේ අරගලයකට සූදානම් - සජිත්

ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් රජය ගෙනයන දේශද්‍රෝහී වැඩපිළිවෙලට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙරටු කරගෙන මහපාරේ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"මෑත ඉතිහාසයේ ලොකුම පාවාදීම යුගදනවි බලාගාරයේ කොටස් විදේශීය සමාගමකට කුණු කොල්ලයට තක්සේරු කර අලෙවි කිරීම. මේ රටට කරන්න පුළුවන් ලොකුම ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී ක්‍රියාවලිය සිදුකරලා හමාරයි. තමන්ගේ පුද්ගලික කොමිස් න්‍යායපත්‍රය අද ක්‍රියාත්මක කරමින් රටේ සම්පත් තමන්ගේ පුද්ගලික බූදලය වගේ පරිහරණය කරමින් මේ රටේ ජාතික දේපළ, ජාතික සම්පත් මේ ආකාරයෙන් කුණු කොල්ලයට විකුණා දැමීමේ මේ දේශද්‍රෝහී ක්‍රියාවලිය අපි තරයේ හෙළාදකිනවා පමණක් නොවෙයි ඉදිරියේදී සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයත් ලබාගෙන මේ රටේ ජනතාව පෙරටු කරගෙන අපි ජනතාවට සෞඛ්‍යමය වශයෙන් අහිතක් නොවන ආකාරයට මේ මහා මහජන මුදල්, මහජන දේපළ කොල්ලකෑම, කුණු කොල්ලයට තක්සේරුකොට විදේශීය සමාගම්වලට විකුණා දැමීමට එරෙහිව අපි මහපාරට බැහැලා අපි කෙසේ හෝ මේ දේශද්‍රෝහී කුමන්ත්‍රණය පරාජය කරන්නට ජනබලයෙන් ජනසවියෙන් කටයුතු කරනවා"

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ "විපක්ෂයෙන් හුස්මක්" 27 වැනි පියවර යටතේ රුපියල් ලක්ෂ 21ක් වටිනා රෝහල් උපකරණ අම්පාර, පානම රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

(LNW)