Friday, March 29, 2024
Follow Us
බදුයුදීන්ට,මුජිබර්ට අත නොතබනු..! මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවට තග දමයි

පවතින තත්ත්වයත් සමග අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරන්ට එරෙහිව කිසියම් තීන්දුවක් ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු බහුතරයක් ආණ්ඩුවේ ප්‍රබලයෙකුට අනතුරු අඟවා ඇත.

අදාළ ප්‍රධානියා සහ මුස්ලිම් මන්ත්‍රීවරු පසුගිය දිනවල රහස් සාකච්ඡාවක් කොළඹදී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද පවසා තිබේ.

මුස්ලිම් දේවස්ථාන සහ මුස්ලිම් නිවාස ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී මුස්ලිම් ජනතාවගේ සිත් නොරිදෙන ලෙස හැසිරීමට ආරක්ෂක අංශවලට උපදෙස් දෙන ලෙසද මුස්ලිම් මන්ත්‍රීවරු එහිදී දැනුම් දී තිබේ.

යම් අයුරකින් මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවේ 113 අහිමි වීමේ තර්ජනයකටද ආණ්ඩුව මුහුණ දී තිබේ.

(Lanka Leads)