Wednesday, April 24, 2024
Follow Us
කැබිනට් මණ්ඩලය නම් කරමින් ධම්මික පෙරේරා ජනපතිවරණ සටන අරඹයි !

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාධනා කර ඇති බවත් ධම්මික පෙරේරා මහතා ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත් ලංකා නිව්ස් වෙබ් අපි "රනිල් - ධම්මික පෙරේරා අතර හමුවක් ! 2020 පොදු අපේක්ෂකයා ධම්මික ?" යන මැයෙන් යුතු පුවතින් ඊයේ (17) අනාවරණය කළෙමු.

අපගේ පුවත සනාථ කරමින් ධම්මික පෙරේරා මහතාගේ පාර්ශ්වය අද (18) වනදා වනවිටම තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

ධම්මික පෙරේරා මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේදී ඔහුගේ අනාගත කැබිනට් මණ්ඩලයෙන් කොටසක් ද නම් කර තිබීම විශේෂත්වයකි.

ධම්මික පෙරේරා මහතාගේ පාලනයක් යටතේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව ආරක්ෂක අමාත්‍ය ධුරයටත් කෝටිපති ව්‍යාපාරික රොහාන් පල්ලෙවත්ත මහතාව මුදල් අමාත්‍ය ධුරයටත් දූෂණයට එරෙහිව ප්‍රබල හඬක් නැඟූ නීතීඥවරයකු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණ අමාත්‍ය ධුරයටත් පත් කෙරෙන බව සඳහන් පෝස්ටරයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැනටමත් ප්‍රසිද්ධියට පත් කර ඇත.

තමන්ට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකි බවට ඉඟි පළවන පුද්ගලයින් තිදෙනෙකුටම මෙසේ තනතුරු පිරිනමන බව නිවේදනය කරමින් සිය ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීම තුළින් ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ඥානය සහ කළමනාකරණ හැකියාව මනාව විදහා දැක්වෙන බවක් පෙනේ.

(LNW)