Saturday, April 26, 2025
Follow Us
ඇමති මංගලට එරෙහිවත් විශ්වාසභංගයකට පිඹුරුපත් සැකසෙයි

අමාත්‍ය මංගල සමරවීරට එරෙහිවද ඉදිරියේදී විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට අදහස් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

මන්තී‍්‍රවරයා ඒ බව පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද කතානායකවරයාට භාරදීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව කතානායකවරයාට අද භාරදුන් විශ්වාසභංග යෝජනාවට මන්තී‍්‍රවරුන් 66 දෙනෙකු අත්සන් කර ඇතැයිද උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා කියාසිටියා.

මෙම විශ්වාසභංග යෝජනාවෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට චෝදනා 10 ක් ගොණුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

(Neth)