Thursday, April 25, 2024
Follow Us
කාති උසාවි කියන්නෙ නීත්‍යනුකූල අධිකරණ පද්ධතියක් - අලුතෙන් බඳවා ගැනීම්වලට මගේ සම්බන්ධයක් නෑ !

කාති උසාවි යනු වසර 70 කට අධික කාලයක් තිස්සේ මෙරට තුළ ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක් බවත්, එම අධිකරණ පද්ධතිය නීතිවිරෝධී එකක් නොවන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් ප්‍ර‍දේශ 25 ක් සඳහා කාති තනතුරුවලට බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇති එක් පුද්ගලයෙක් වන්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතායි.

කෙසේ නමුත් අලි සබ්‍රි මහතා පවසන්නේ අදාල ප්‍රදේශවල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරන බවයි. එය නීතිවිරෝධී තනතුරක් නොවන බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙම ක්‍රියාවලියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අගවිනිසුරුවරයා බවත් පෙන්වා දෙන අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ මෙම බඳවා ගැනීම් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සෘජු මැදිහත්වීම මත සිදුවන බවයි.

(LNW)