Sunday, April 20, 2025
Follow Us
ඒකාබද්ධයේ සැලසුම විසිදෙලක්ෂයක් ජනතාව ත්‍රස්තවාදීන් කිරීමයි

මෙරට විසිදෙලක්ෂයක් වූ මුස්‌ලිම් ජනතාව ත්‍රස්තවාදීන් බවට පත්කිරීමේ සැලසුමක ඒකාබද්ධ විපක්ෂය නිරතව සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම් පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් නොමැති බව පෙනෙන්නට ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ වන විට විල්පත්තුව, හලාල්, මද්‍රසා පාසල්, මිශ්‍ර අධ්‍යාපනය ගැන කතා කළද ඒ සියල්ලම දරුණු කඩාවැටීමකට ලක්කර සස්කෘතික වෙනස්වීමකට පාරකැපුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ බවද මරික්කාර් මහතා පැවසුවේය.

(LNW)