Saturday, February 14, 2026
Follow Us
ඇමෙරිකානු තානාපතිනිය වැඩ කරන්නේ ජනපතිටත් , අගමැතිටත් ඉහළින්

මෙරට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉහළින් ඇමෙරිකානු තානාපතිනිය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ උතුරු ප්‍රෙද්ශයේ ඉඩම් පිළිබද සොයා බැලීමටත්, පසුගියදා ඇමරිකාවේ සිට පැමිණි නියෝජිතයන්ට ඉඩම් පෙන්වීම සදහා ආණ්ඩුකාරවරයාට අණ දී තිබුණේද ඇමෙරිකන් තානාපතිනිය විසින් බවය.

(Lanka Leads)