Saturday, February 14, 2026
Follow Us
රාජපක්ෂවරුන් සමඟ කිසිදා ගනුදෙනුවක් සිදු නොවන බව ජවිපෙ නුගේගොඩදී කියයි

ආණ්ඩුවට එරෙහි ප්‍රබලතම සටන්කරුවා බවට ජනතා විමුක්ති පෙරමුණ පත්වනු ඇතැයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම පෙරමුණ සංවිධාන කළ ‘වීදි පිරෙන - පාද සටන” අවසන් කරමින් අද (08) පස්වරුවේ නුගේගොඩ පැවති ජන රැළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂවරුන් සමඟ කිසිදා දේශපාලන ගනුදෙනුවක් සිදු නොකරන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

(Neth)