Thursday, May 16, 2024
Follow Us
චම්පික ආණ්ඩුවෙන් ඉවත් වෙයිද?

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

2015 යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට දායක වූ ප්‍රබල දේශපාලන චරිතයක් වන අතර පසුගිය ඔක්තෝම්බර් 26 දේශපාලන පෙරළියෙන් පසු නැවත එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව ගෙන ඒම සඳහාද දැඩි වෙහෙසක් ගත් තැනැත්තෙක් ලෙස චම්පික රණවක මහතා ප්‍රසිද්ධය.

එහෙත් පසුගිය කාලය තුළ සිදු වූ දේශපාලන නොරිස්සුම්, නොසලකා හැරීම් සම්බන්ධයෙන් මෙන්ම මේ වන විට රට පත්ව ඇති ආර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විසඳුම නොලැබීම උක්ත දේශපාලන කලකිරීමට හේතුව බව සඳහන්.

මෙවර අයවැයෙන් සිය අමාත්‍යාංශය වෙත වෙන් කර තිබූ ප්‍රතිපාදන කප්පාදු කිරීම පිළිබඳවද අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළකර ඇති අතර මේ ගැන අගමැතිවරයා සමඟද මේ පිළිබඳ සාකච්ජා කර තිබූ බවයි වාර්තා වුණේ.

නමුත් ඔහු බලාපොරොත්තු වන අකාරයේ පිළිගැනුමක් නොලැබුණ හෙයින් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද? නැද්ද? යන්න පිළිබඳ තීරණයක් ගන්නා බව ඔහු කියා තිබේ.

විශේෂයෙන් අද (14) දිනයේ ජාතික හෙළ උරුමයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන "ජාතික මඟ" රට රකින රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුව අමතමින් චම්පික රණවක මහතා සිය ආණ්ඩුවෙන් ඉවත්වීමේ නිල ප්‍රකාශය කරනු ඇති බවද කියවෙයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 03.30ට එය පැවැත්වෙන අතර මෙවැනි සමුළුවක් කඩිනමින් පැවැත්වීමට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ පසුගියදා එල්ල වූනු පාස්කු ප්‍රහාරයෙන් පසු රජයේ හැසිරීම බව සඳහන්.

(LNW)