ගාල්ල මහ නගර සභාවේ ඊයේ (30) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියේදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාදී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්රීවරියක් ඇතුළු මන්ත්රීවරුන් පස් දෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.