ළමා ශ්රමය තුරන් කිරීම පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ (The National Steering Committee on Elimination of Child Labour) මෙම වර්ෂය සඳහා වන පළමු රැස්වීම පසුගියදා (11) නාරාහේන්පිට පිහිටි කම්කරු මහලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
ළමා ශ්රමය තුරන් කිරීමේ ප්රතිපත්තිය යටතේ පිහිටුවා ඇති මෙම ජාතික මෙහෙයුම් කමිටුව 8.7 සන්ධානය ( Alliance 8.7 ) නම්වූ තිරසර සංවර්ධන ඉලක්ක 8.7 සම්බන්ධයෙන් කටයුතු කරන ක්රියාකාරී එකමුතුව ( Working Group ) ලෙස ද කටයුතු කරයි.
ඒ අනුව, 2030 වර්ෂය වන විට සියලුම ආකාරයේ ළමා ශ්රමය ශ්රී ලංකාවෙන් තුරන් කළ හැකි බව ප්රකාශයට පත් කිරීම අරමුණු කර ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුවේ www.labourdept.gov.lk වෙබ් අඩවිය හරහා හඳුන්වා දී ඇති සේවායෝජක ප්රතිඥාව ලබාදීමේ වැදගත්කම ද මෙම රැස්වීමේදී අවධාරණය කරන ලදි.