ශ්රී ලංකාවේ රජයේ රෝහල් සඳහා රු. මි. වටිනාකමින් යුතු Furosemide Injection (20mg/2ml) ෆූරෝසමයිඩ් එන්නත් 50000 ක තොගයක් ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලීන් ද ජයතිස්ස මහතා වෙත පසුගියදා භාර දෙනු ලැබීය.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්රත්වය සනිටුහන් කරමින් රාජ්ය තාන්ත්රික සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් අමාත්යවරයා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර පැවති විශේෂ හමුවකදී මෙම පරිත්යාගය සිදු කෙරීණ.
පරිත්යාගය භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ තුළින් ඉදිරියේ දී දියත් කිරීමට සැලසුම් කර ඇති ව්යාපෘති කිහිපයක් පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට ලක් වූ අතර, දැනට ක්රියාත්මක ව්යාපෘති සහ වැඩසටහන් කිහිපයකම වත්මන් ක්රියාකාරිත්වය, ප්රගතිය පිළිබඳව තොරතුරු විමසා බැලීම ද සිදු විය.
ඉදිරි කාලය තුළ මෙරට දිවයින ම ආවරණය වන පරිදි ප්රාථමික සෞඛ්ය මධ්යස්ථාන දහසක් ස්ථාපිත කර ප්රාථමික සෞඛ්ය සවිබල ගැන්වීමේ වැඩසටහන මෙහි දී ඉන්දීය මහකොමසාරිස්වරයාගේ විශේෂ අගය කිරීමට ද ලක් විය.