Sunday, March 15, 2026
Follow Us
අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ට වැඩිකළ දීමනාව ලබන මසයේ සිට

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ට වැඩිකළ රුපියල් අටදහසක මාසික දීමනාව ලබන මස සිට ගෙවීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 20) ප්‍රකාශ කළේය.

රුපියල් පන්දහසක් වන මෙම දීමනාව රුපියල් තුන් දහසකින් වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා.

අධ්‍යාපන ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම දීමනාව සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.