Wednesday, July 30, 2025
Follow Us
තුවක්කු වලින් රටේ ප්‍රශ්න විසඳන්න බෑ, විද්‍යාත්මක විසඳුම් සොයන පාලනයක් ඕනෑ - චම්පික

ආණ්ඩුව තුවක්කු වලින් රටේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි බවත් දැන් රටට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රශ්න සඳහා විද්‍යාත්මකව විසඳුම් සෙවිය හැකි පාලනයක් බවත් සමගි ජබ බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"තුවක්කු වලින් රටේ හාල් ප්‍රශ්නය විසඳන්න බෑ. තුවක්කු වලින් අපේ රටේ ගොවියාගෙ ප්‍රශ්න විසඳන්න බෑ. තුවක්කු වලින් අපේ රටේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න බෑ.

අද අපට ඕනේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මේ කටයුතු කරන්න පුළුවන් පාලනයක්. මේ කොවිඩ් උවදුර නිසා බිඳවැටිච්ච රට, රැකියා අහිමි වෙච්ච මිනිස්සුන්ට, ආදායම් අහිමි වෙච්ච මිනිස්සුන්ට යළි ජීවිතය දෙන්න පුළුවන් පාලනයක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (06) හෝමාගම ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

(LNW)