මහමැතිවරණය අගෝස්තු මස අගභාගයේ හෝ එයිනුත් එපිට දිනයක පැවැත්වීමට සිදුවනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
හැකි ඉක්මනින් මහමැතිවරණය කෙසේ හෝ පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පාර්ශ්වයකට වුවමනා වී තිබුණ ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශවලට අනුව මැතිවරණය සංවිධානය කිරීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය වීම හේතුවෙන් මෙසේ මැතිවරණය දිනය ඉදිරියට ඇදෙනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.
මහමැතිවරණ දිනය තීරණය කිරීම සඳහා එළඹෙන සඳුදා දිනයේදී (08) මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබේ.
(LNW)