Wednesday, July 30, 2025
Follow Us
දෙසීය දෙනෙක් හෙට ඡන්දය දෙති!

මහ මැතිවරයට සූදානම් වීමට පෙර පවත්වන පෙරහුරු මැතිවරණය හෙට (ඉරිදා) ගාල්ල, මාතර හෝ කළුතර දිස්ත්‍රිකවලින් එකක පැවැත්වීට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් කීය.

මහ මැතිවරණයේදී ජනතාව අනුගමනය කළයුතු ආරක්ෂක ක්‍රමවේද, නිලධාරීන් අනුගමනය කළයුතු ක්‍රමවේද, සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්ද පොළක් පවත්වාගෙන යන්නේ කෙසේද? සමාජ දුරස්ථභාවය රැක ගනිමින් ඡන්දය පවත්වන්නේ කෙසේද? ඊට ගතවන වේලාව කොපමණද? යන්න මෙහිදී සලකා බැලෙයි. එමගින් ඡන්දදායකයන් දැනුවත් කිරීම මෙහි අරමුණ බව එම ප්‍රකාශකයා පැවසීය.

පැය දෙකක පමණ කාලයක් මෙම පෙරහුරු ඡන්දය පැවැත්වෙන අතර නිලධාරීන් 200ක් පමණ එයට සහභාගී වීමට නියමිතය.

Deshaya