Wednesday, July 30, 2025
Follow Us
අපි තාමත් එජාපයේ සජිත් තාමත් එජාප නියෝජ්‍ය නායක - සුජීව සේනසිංහ

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස තවමත් එක්සත් ජාතික පාක්ෂිකයන් බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා තවමත් සජිත් ප්‍රේමදාස මහතා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සහිතව නව සන්ධානයක් බිහිකළ බව පෙන්වා දෙන සේනසිංහ මහතා පවසන්නේ නව සන්ධානයෙන් මැතිවරණයට තරග කළ පමණින් එජාපයෙන් ඉවත් වීමක් සිදු නොවන බවයි.

දක්ෂ, ජනතාව මුල් කරගෙන දේශපාලනය කරන පුද්ගලයන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින බවත්, මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව එජාපයේ ස්වර්ණමය යුගය බිහිවනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා පවසනවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය හා එක්ව සිටින එජාප සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔවුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ඇතුළු තනතුරු අත්හිටුවා ඇති අතර එම ඇතැම් තනතුරු සඳහා එජාප නායකත්වය විසින් වෙනත් පුද්ගලයන් පත්කර තිබේ.

(LNW)