Thursday, January 15, 2026
Follow Us
කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

කොවිඩ් පොකුරු මතු වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක නොපවත්වා කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මැතිවරණය පැවැත්වෙන දිනට පසුදින උදෑසන සිට සිදුකරන බවත්, ඡන්දය ගණන් කිරීමේ කටයුතු කුඩා ශාලාවල සිදු කිරීමට සැලසුම්කර ඇති බවත් සභාපතිවරයා කීවේය.

ඡන්ද පොළ කුඩා කිරීම පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබේ.

විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිත ඡන්ද මධ්‍යස්ථාන වලට පෝලිම් තුනක් සහ නියෝජිතයන් තිදෙනෙකු යෙදවීමට සිදුවනු ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.

(Aruna)