Friday, January 16, 2026
Follow Us
පොහොට්ටුව තුනෙන් දෙකක් ගන්නවා. ඉර හඳ වගේ විශ්වාසයි - රෝහිත

එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්පත් කරගන්නා බවත් එය ඉර හඳ මෙන් විශ්වාස බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

"ඡන්දෙ කැන්සල් වෙනවා කියලා තමයි මේ අය ගමට ගිහිල්ලා කිය කියා හිටියෙ. දැන් ගමට යන්න බෑ, ගමට ගිහිල්ලා කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මේ උන්නැහෙලා ආණ්ඩුවේ ඉන්නකොටත් මේ යක්කු ඡන්දෙට බයයි. ඊටපස්සෙ ආපහු විපක්ෂෙට ආවාම ඒත් ඡන්දෙට බයයි.

අපි දිනනවා, ඒක ඒකාන්තයි. අපි කියනවා බය නැතුව, තුනෙන් දෙකක් ගන්නවා අපි පොහොට්ටුව. ඉර හඳ වගේ විශ්වාසයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

(LNW)