Thursday, January 15, 2026
Follow Us
මෛත්‍රිපාල සිරිසේන හරියට බොරු කියනවා -හිරුණිකා

“හිතෙන හිතෙන කොළේ අත්සන් කළත් මෛත්‍රිපාල සිරිසේනට දවස් තුනකින් අත්සන් 21000ක් තියන්න බැහැ..” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කළාය.

ඇය මෙසේ කියා සිටියේ ඊයේ (02දා) පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇය,

‘‘හරියටම බැලුවොත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඒ දවස් තුනේ නිදාගෙනත් නැහැ. අර්ජුන ඇලෝසියස් ගෙන්වන්න නොනිදා අත්සන් 21000 ක් තියලා. විහිළු කතාවක්නේ. කොහොමත් සිරිසේන මහත්තයා දැන් කියන එක නෙවෙයිනේ තව ටිකකින් කියන්නේ. එතුමා හරියට බොරු කියනවා.

රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන ඇලෝසියස් කියන්නේ හොඳ යාළුවෝ. මං හිතන්නේ මෛත්‍රිපාල මහත්තයා කියන්න ඇත්තේ රනිල් ප්‍රමුඛ කිහිපදෙනා නිසා මහේන්ද්‍රන්ව ගෙන්වා ගන්න බැරිවුණා කියලා වෙන්න ඇති.

දැන් තත්ත්වය වෙනස්. දැන් වෙන ආණ්ඩුවක් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ අර්ජුන මහේන්ද්‍රන්ව දැන් ගෙන්වන්න පුළුවන්. ඒත් හොරු ඉන්නෙත් ආණ්ඩුව සමග නිසා මේ පාර ගෙන්වන එකකුත් නැහැ..’’ යැයිද පැවසුවාය.

(Aruna)