ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ පුරප්පාඩුව සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කරන්නැයි ඉල්ලා අදාල දේශපාලන පක්ෂය වෙත අද ලිපියක් යොමු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
යම් අපේක්ෂක ලැයිස්තුවක පුරප්පාඩුවක් ඇති වුවහොත් එය දින තුනක් ඇතුළත පූර්ණය කළයුතු වුවත් මහ මැතිවරණය සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් එය මෙතෙක් පූර්ණය කර නොමැත.
තොන්ඩමන් මහතාගේ පුරප්පාඩුව සඳහා ඔහුගේ පුත් ජීවන් තොන්ඩමන් මහතා පත් කරන්නැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රධානීන් මීට දින කිහිපයකට ඉහතදී පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ සඳහා රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වූයේ.
තොන්ඩමන් මහතාගේ ආභාවයෙන් පසුව ජීවන් තොන්ඩමන් මහතා සිය පියාගේ අවමගුල් උත්සවය පැවැත්වූ ආකාරයෙන්ම ඔහු මහ මැතිවරණයට දැනටමත් සූදානම් බවට සමාජය තුළ බොහෝ කතාබහ ඇති විය.
(LNW)