මැතිවරණ කොමිසම අද (03) දිනයේ මැතිවරණය පවත් වන දිනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු සිට මැතිවරණ සැලසුම් සකස් කරන බව දේශපාලන පක්‍ෂ පවසනවා.
ඊයේ ලැබුණු අධිකරණ තීන්දුවෙන් පසු මැතිවරණ මෙහෙයුම් සිදුකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමටයි එම පක්‍ෂය තීරණය කර ඇත්තේ.
මැතිවරණයට ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් දේශපාලන පක්‍ෂවලින් විමසීමක් කළා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සදහන් කළේ සන්ධානයක් ලෙස මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සදහා දැනටමත් මූලික කටයුතු සකස් කර අවසන් බවයි. දැන් උදාවී ඇත්තේ මැතිවරණ මෙහෙයුම සකී‍්‍රයව කි‍්‍රයාත්මක කිරීමේ කාලය බව ඔහු පැවසුවා.
එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ගෙන්ද පක්‍ෂයේ මැතිවරණ සැලසුම් සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ "අපිට තාම කියන්න බෑ..අපි කොහොමද මේ මැතිවරණ ව්‍යාපාරය කරන්නේ කියන කාරණය. විශේෂයෙන් දින නියම කළාට පස්සෙ මහ මැතිවරණයට සූදානම් වෙනවා. පවතින තත්ත්වය අනුව සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්නවා." යනුවෙනි.
සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර නෙත් නිවුස් වෙත පැවසුවේ තම කණ්ඩායම දැනටමත් මැතිවරණයට සූදානමින් සිටින බවයි. වෛරසය පැවැති කාලයේ සිය පක්ෂයේ සංවිධාන ශක්තිය ක්‍රමයෙන් වර්ධනය කරගත් බවත් ඔහු සඳහන් කළා.
මැතිවරණ කොමිසම මැතිවරණයේ දිනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු සිය සැලසුම් සකස් කිරීම ආරම්භ කිරීමටයි ජනතා විමුක්ති පෙරමුණද තීරණය කර ඇත්තේ. එහි ප‍්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) තීරණය කළේ.
(Neth)