කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බෝම්බ ලෙස හඳුන්වමින් රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ආණ්ඩුවේ මතය නොව ඔහුගේ පෞද්ගලික මතයක් බවත් ඊට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ ආණ්ඩුව එකඟ නොවන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් හෙවත් රටවිරුවන් කළ කැපකිරීම රජය කිසිසේත්ම අවතක්සේරු කර නොමැති බවයි.
එසේම විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වීම පිළිබඳව විපක්ෂයට සම්බන්ධ ඇතැම් පිරිස් බොරු ප්‍රචාරයන් ගෙන යන බවත් ඔවුන් බොර දියේ මාළු බෑමට උත්සාහ දරණ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි. පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අපහසුතාවට පත්කර පටු දේශපාලන වාසියක් ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බව පවසන අමාත්‍යවරයා ඊට හසු නොවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
(LNW)