Thursday, January 15, 2026
Follow Us
වැඩි පිරිස සිටින්නේ සිය පක්ෂයේ බව රවී පෙන්වයි

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සූදානම පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක අදහස් පළ කළා.

එහිදී ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් දිස්ත්‍රික්ක 22ක් සඳහා 291 දෙනෙක් ඉදිරිපත් කර ඇති බවත් ඒ කණ්ඩායම ජනතාව තුළින් ජයග්‍රහණය කරවීම පක්ෂයේ අරමුණ බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක සඳහන් කළේ.

එහිදී "මන්ත්‍රිවරු 44යි සංවිධායකවරුයි, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුයි තමයි ඒ පැත්තේ 99ක් ඉන්නෙ. අපේ පාර්ශ්වයේ 291ක් ඉන්නවා." යනුවෙන් ද සඳහන් කළා.

වෙනත් පක්ෂ මෙන් සිය පක්ෂය ලබා දී ඇති ඡන්ද ලයිස්තුව කල් දැමීමට අවශ්‍යතාවයක් නැති බවත් සඳහන් කළා.

(Neth)