වත්මන් රජය සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ නැමූ බවත් එනිසා රජය අසමත් බව අකමැත්තෙන් වුවද තමන් පවසන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
අද මෙරට ගොඩනැඟී ඇති සහල් ඒකාධිකාරිය කොතරම් බලවත්දැයි කිව්වොත් ආණ්ඩුවට පවා ඒ ඉදිරියේ දණ නමස්කාර කිරීමට සිදුව තිබෙන බවද ඔහු පැවසීය.
නමුත් මේවාට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ වුවහොත් මෙම සහල් ඒකාධිකාරය මැඩලීමට හැකිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
දැනට මාස එකහමාරකට දෙකකට කලින් සහල් සඳහා එක මිලක්ද ඊට ඊට පසු තවත් නව මිලක්ද අද තවත් මිලක්ද පනවා ඇති නිසා රජය අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ හොරණදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
විදුර වික්‍රම මහතා මෙසේ පැවසූවත් පාරිභෝගිකයාට සහ ගොවියාට මෙන්ම සහල් කර්මාන්තකරුවාට පැවතිය හැකි සහ රටේ වී වගාව සහ ආහාර සුරක්ෂිතතාවය සහතික කළ හැකි මිලක් ලබා දෙන ලෙස ජාතික සංවිධාන නියෝජනය කරන විද්වතුන්ගේ ද මතය විය.
එම මතය නියෝජනය කරමින් අප සෑම විටම අදහස් ඉදිරිපත් කළ අතර පසුගිය දිනවල අප විසින් පළ කළ ලිපියක් මෙසේ පාඨක ඔබගේ අවධානයට යොමු කරන්නෙමු.
(Lanka Leads)