Tuesday, July 29, 2025
Follow Us
මැතිවරණය දින දෙකකදී පැවැත්වීමට තීරණයක්

මහ මැතිවරණය එකලග දින දෙකකදී පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

පවතින තත්වය හමුවේ නිරෝධායන නීතිවලට වඩාත් අනුකූලව මැතිවරණය පැවැත්විය හැක්කේ දින දෙකක් තුළ මැතිවරණය පැවැත්වීමෙන් බව එම නිලධාරීන් සාකච්ඡා කරමින් පවතිව බව ද පැවසේ.

මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණු වහාම මැතිවරණ දිනයන් ප්‍රකාශයට පත්කර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව තීරණ ගැනීමට අපෙක්ෂා කරන බව ද මැතිවරණ කොමිසම් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

(Lanka Leads)