පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරයි.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකින් මහා මැතිවරණ නාම යෝජනා අත්සන් කර තිබෙන එජාප සාමාජිකයන්ගේ සාමාජිකත්වය අත්හිටුවන බවට නිකුත් කර තිබෙන නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිඛිත දැනුම් දීම සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට පසුගිය 22 වන විට සිදුකර තිබේ.
එම මන්ත්‍රීවරුන්ට නිදහසට කරුණු දැක්වීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ලිපිය ලැබී දින 7ක් තුළ කරුණු දැක්වීම සිදුකළ යුතු වන අතර ඉදිරි ක්‍රියාමාර්ග එජාප ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය දක්වන පරිදි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම එජාපය ව්‍යවස්ථාවේ 3.4(ඇ) වගන්තිය අනුව වෙනත් දේශපාලන පක්ෂක් හරහා අපේක්ෂකත්වය ලබා නාමයෝජනා අත්සන් කළ හෝ කිරීමට බලාපොරොත්තු වන හෝ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබා ගත යුතු බවයි.
එහෙත් එවැන්නක් සිදුකර නොමැති බවයි මහ ලේකම්වරයා ඊයේ (27) නිකුත් කරන ලද නිවේදනයෙන් දක්වා තිබුණේ.
(LNW)